Friday, February 20, 2026
Follow Us
රට විවෘත කිරීමේ සූදානම ගැන යුද හමුදාපති කියයි

ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ජනාධිපතිවරයා ඉකුත්දා කළ ඉල්ලීමට අනුව එක් එක් ක්‍ෂේත්‍රයට අදාළ සැලසුම් අදාළ ආයතන විසින් මේ වනවිට සකස් කරමින් ඇති බවයි.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවකයන් සේවයට කැදවිය යුතු ආකාරය පිළිබද තීරණය කෙරෙන සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙනවා.

අද පැවැත්වෙන එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

(Neth)