Friday, February 20, 2026
Follow Us
හාල් – කිරිපිටි – ගෑස් – සිමෙන්ති – තිරිගුපිටි මිල අද වැඩිවන හැටි

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව


කිරිපිටි, ගෑස්, සිමෙන්ති, තිරිඟුපිටි සහ සහල් මිල සංශෝධනය කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ දී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට අදාළ වාර්තාවක් වෙළෙඳ අමාතයාංශය මගින් ඇමැති මණ්ඩල රැස්වීමට අද (27 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව පසුගිය සිකුරාදා රැස්වී මෙම යෝජනා සාකච්ඡා කර ඇත.

ඒ අනුව ගෑස් මිල රුපියල් 550කින්ද. කිරිපිට මිල රුපියල් 200කින්ද, සිමෙන්ති මිල රුපියල් 50කින්ද, තිරිඟු පිටි මිල රුපියල් 10කින්ද ඉහළ නැංවීමට යෝජනා වී තිබේ. මීට අමතරව කීරි සම්බා පාලන මිල රුපියල් 120 සිට රුපියල් 140 දක්වා වැඩි කිරීමටද. සම්බා පාලන මිල රුපියල් 103 සිට රුපියල් 120 දක්වා වැඩි කිරීමටද යෝජනා කර ඇත. මේ පිළිබඳ අවසන් තීරණය ඇමැති මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිතය.

(Aruna)