පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයා ඉකුත්දා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයකට අදාළව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.
සතොස ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීමෙන් සුදු ළුෑණු බහාලුම් දෙකක් වෙනත් පාර්ශයවකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ පැවැත්වෙන අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකර තිබුණා.
මෙම වංචාව පිළිබඳව සිදු කෙරුණු පරීක්ෂණ සඳහා දේශපාලන අධිකාරියේ බාධා ඇති බවටත්, තමාට ධූරයෙන් ඉවත් වන ලෙසට බලපෑම් එල්ලවන බවටත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
අදාළ නිලධාරියා මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශයන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද භාරදුන් බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේ.
(Neth)