ළමුන් 200 යට අඩු පාසැල් ඔක්තොම්බර් 15 වනදා වන විට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් රංජිත් යාපා නෙත් නිවුස් වෙත පැවසුවේ පාසැල් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් කළ වහාම බස්නාහිර පළාතේ ළමුන් 200 ට අඩු පාසැල් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවසුවේ.
මධ්‍යම පළාතේ ළමුන් 200 ට අඩු පාසැල් යළි ආරම්භ කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිටත් සිදු කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස පැවසුවා.
(Neth)