සයිනොෆාම් එන්නත ලබාගෙන ඇති විදෙස් ගතවීමට අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ට අදාළ රටවලින් නිර්දේශ කර ඇති එන්නතක් තෙවන මාත්‍රාව ලෙස ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ පිළිබද මේවනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
අදාළ පුද්ගලයන්ට අදාළ රටවලින් නිර්දේශ කර ඇති එන්නතක් ලබාදෙන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉකුත්දා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී, ජාත්‍යන්තර කටයුතු සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී, ජාත්‍යන්තර කටයුතු සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය.
මේ අතර විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉකුත්දා ප්‍රකාශ කළේ.
(Neth)