Friday, February 20, 2026
Follow Us
කොළඹ ලියාපදිංචි නොකළ දේපළවලට වෙන්න යන දේ

කොළඹ පුද්ගලික දේපොළ හිමියන්ට නගර සභාවෙන් විශේෂ නිවේදනයක්


කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස දේපළ හිමිකරුවන් වෙත දැනුම්දී තිබේ.

එම දැනුම්දීම කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණි දිසානායක මහත්මිය විසින් සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දේපලවල අයිතිය සුරක්ෂිත කරගැනීමට එම දේපළ නගර සභාවේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයේ දැක්වෙයි.

නාගරික කොට්ඨාසවලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නොමැති දේපළ පිළිබඳ තොරතුරු කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

(Aruna)