Friday, February 20, 2026
Follow Us
සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් 01 රට විවෘත කරනවා - කෙහෙළිය

සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් 01 වැනිදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර 30 වැනිදා ඒ ගැන තීරණය ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (25) නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පැමිණි අවස්ථාවේදීය.

මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් තිබෙන අතර දැනට තිබෙන තත්ත්වය අනුව යම් මට්ටමකට හොඳ අතකට හැරී තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

වයස අවුරුදු 30ට වැඩි අයට එන්නත් කිරීමේ මුල් රටවල් 10 සිට පළමු රටවල් තුන හතර තුළට පැමිණ සිටින බවද අමාත්‍යවරයා පැවසුවේය.

ආසදිතයින්ගේ අඩුවීම මෙන්ම රෝහල තුළ ඇදන් භාවිතා කිරීමේ අඩුවක්ද මරණ වල අඩුවක්ද තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(LNW)