Friday, February 20, 2026
Follow Us
ආර්ථිකය නංවාලීමට කැපවූ ආනයන හා අපනයනකරුවන් සමඟ ඉදිරියටත් කටයුතු කරනවා: මහබැංකු අධිපති

රටේ ආර්ථිකය නංවාලීමට කැපවූ ආනයන හා අපනයනකරුවන් සමඟ සක්‍රිය කාර්යභාරයක් ඉටුකිරීමට මහබැංකුව කටයුතු කරන බවට මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (24) දින රටේ ආර්ථිකය ස්ථායි කිරීම මැයෙන් ආනයන හා අපනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය නිල සමාජ මාධ්‍ය ජාල වල සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයනකරුවන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම මහත් කැපවීමකින් කටයුතු කරන බව පෙන්වා දෙන ඒ මහතා පැවසුවේ ඔවුන් සමඟ ඉදිරියටත් ආර්ථිකය ස්ථායි කිරීමේ මෙහෙවර තුළ කටයුතු කරන බවයි.

(LNW)