Friday, February 20, 2026
Follow Us
රට විවෘත කිරීමෙන් පසු ක්ෂේත්‍ර 03 ක් යටතේ නව සීමා

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්ෂේත්‍ර 03 ක් යටතේ මෙම සැලැස්ම සකස් කෙරෙනු ඇති.

රාජ්‍ය අංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් සඳහා කම්කරු අමාත්‍යංශය විසින් නව නිර්දේශ නිකුත් කිරීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ කොවිඩ් අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සියලු අංශ එක්ව කටයුතු කළයුතු බවයි.

පාසල් විවෘත කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය එහිදී පෙන්වා දී ඇත්තේ පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් වන තුරු සිටීම අවශ්‍ය නොවන බවයි.

(Neth)