Friday, February 20, 2026
Follow Us
වරායේ සිරව ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝග

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

අද (24) පැවැත්වූ ජීවන වියදම් කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම එසේ නිදහස් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ ආනයනකරුවන් හරහා ජනතාව වෙත බෙදාහැරීමට ද එහිදී තීරණය කර ඇති බව වාර්තා වේ.

(LNW)