Friday, February 20, 2026
Follow Us
එන්නත්කරණයට සමගාමීව දේශීය ඖෂධ භාවිතය අවශ්‍යයි - රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි

එන්නත්කරණයට සමගාමීව දේශීය ඖෂධ භාවිතය අවශ්‍ය බවද අපගේ දේශීය ඖෂධ වලින් කිසිදු සංකූලතාවයක් හෝ පසු රෝගී තත්ත්වයක් වර්ධනය වීමක් සිදු නොවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සදහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

එන්නත්කඑරණය සම්බන්ධයෙන් අප රට ඉතාම සාර්ථක ජයග්‍රහණයක් ලබා ඇතැයිද, ඒ සමගම එන්නත්කරණය හා සමානව ප්‍රතිශක්තීකරණ පාන වර්ග හදුන්වාදීමේ අවශ්‍යතාවය ඇති බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුව එම ප්‍රතිශක්තීකරණ ඖෂධ වර්ග සහ පාන වර්ග ව්‍යාප්ත කිරීම සදහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

(news.lk)