Friday, February 20, 2026
Follow Us
අද දරුවන්ට එන්නත දෙන තැන්

ළමයිට අද සිට දෙන ෆයිසර්


අවුරුදු දොළහත් දහනවයත් (12-19) අතර වයස් කාණ්ඩවල සිටින සංකූලතා ඇති දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම කොළඹ දිස්ත්‍රික්කයෙන් අද (24 වැනිදා) ඇරඹෙයි.

මේ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් වෙන් කර ඇත. මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ පළමුවෙන්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙනි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් ජී විජේසූරිය සඳහන් කළේ මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ රෝහලේදී ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව එන්නත් අවශ්‍ය දරුවන්ට රෝහලට පැමිණ එන්නත ලබා ගත හැකි බවද හෙතෙම සඳහන් කළේය

මෙම එන්නත සංකුලතා සහිත දරුවන්ට ලබාදීම කරනු ලබන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය මත සහ දරුවාගේ දෙමාපියන්ගේ කැමැත්ත මතය. එසේම එළැඹෙන සඳදා (27 වැනිදා) දින කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහලවල මෙම එන්නත්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මකයි. ඉදිරියේදි මෙම එන්නත්කරණ වැඩ සටහන දිවයින පුරාම ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති

(Aruna)