Friday, February 20, 2026
Follow Us
අරක්කු ගන්න ගිය අයට ඇන්ටිජන් පරීක්ෂණ

බාර් එකට ගිය අයට කළ දේ


මත්පැන් අලෙවිසැල් වෙත ගොස් මත්පැන් මිලදී ගන්නා පුද්ගලයින් මීරිගම නගරයේ දී ඊයේ(22) දින අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

“පොත් සාප්පු විවෘත කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් බාර් විවෘත කරන්න ඉඩදෙනවා ?” යනුවෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් අද(23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.

පොත්හල් සහ බාර් අතරේ පැහැදිලිවම සම්බන්ධතාවයක් පෙන්නුම් කර නොහැකි අතර බාර් විවෘත කිරීම සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සිදුවෙන බැවින් මේ මොහොතේ ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න නොහැකි බව ඔහු සඳහන් කර තිබේ.

විශාල පිරිසක් පොත් අතපත ගාන බැවින් එවැනි අවස්ථාවකදී වෛරසය පැතිරයෑමේ න්‍යායාත්මක අවස්ථාවක් තිබෙන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)