Friday, February 20, 2026
Follow Us
ඇඳිරි නිතිය මැද පොත් අලෙවිසැල් විවෘත කිරීමට අවසර

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර විසින් පොලිස්පතිවරයා වෙත කළ ලිඛිත ඉල්ලීමකට අනුවයි.

රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබාදෙන ලෙසයි පොලිස්පතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේ.

(Neth)