Friday, February 20, 2026
Follow Us
ඔක්සිජන් ආනයනය නවතයි

ඔක්සිජන් ගැන රජය ගන්නා තීරණය


ඔක්සිජන් ආනයනය කිරීම ලබන සතියේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඖෂධ සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය ​යොමු වී ඇත.

දිවයින පුරා රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 68 දක්වා ඊයේ (21 වන විට) අඩු වීම ඊට හේතුවයි. කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමග දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 140 දක්වා ඉහළ ගිය බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් දෙක දෛනිකව නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 78 කි. එම ප්‍රමාණය ඉක්මවා ඔක්සිජන් අවශ්‍ය වීම හේතුවෙන් ඉන්දියාව, චීනය හා සිංගප්පූරුවෙන් සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට අමාත්‍යාංශය තීරණය කළේය. එලෙස ආනයනය කළ ඔක්සිජන් මෙට්‍රික් ටොන් 800ක සංචිතයක්ද අමාත්‍යාංශය සතුව තිබේ.

(Aruna)