Friday, February 20, 2026
Follow Us
කෙරවළපිටිය බලාගාර ප්‍රශ්නය ගැන කතා කරන්න අගමැති අද මැති ඇමතිවරු හමුවෙයි

කෙරවළපිටිය බලාගාරය සම්බන්ධයෙන් රහසිගතව ඇමරිකානු සමාගමක් සමඟ මධ්‍යම රාත්‍රියේ ගිවිසුමක් අත්සන කර තිබෙන බවට වන ආන්දෝලනත්මත කාරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අද (22) අගමැතිවරයා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු කැඳවා තිබේ.

එම සාකච්ජාව පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

මෙම කාරණය සම්බන්ධයෙන් විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇති බවත් දැනට දැනගැනීමට ඇති පරිදි භාණ්ඩාගාර ආරංචිවලට අනුව ඒ ගැන සංකල්පමය එකඟතාවයකට පැමිණි ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන කුඩා පක්ෂවල නායකයින් ඊයේ (21) හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී ද යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

(LNW)