Friday, February 20, 2026
Follow Us
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීමට අවධානය

ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව අද රැස්වීමට නියමිතයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කඩිනම් තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)