Wednesday, April 22, 2026
Follow Us
පුරාවිද්‍යා පනතේ නව සංශෝධන මගින් දඩ මුදල වැඩි වෙයි

පුරාවිද්‍යා පනතට ගෙනඒමට නියමිත නව සංශෝධන මගින් පුරාවස්තුවලට හානි කරන පුද්ගලයින්ට පනවන දඩ මුදල රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසුවේ අදාළ සංශෝධන මේවනවිට ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බෞද්ධ උපදේශක කමිටුවට ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර අනුරාධපුර ජේතවනාරාම දාගැබේ හතරැස් කොටුව ආසන්නයේ ඇතිවී තිබෙන ඉරිතැලීම් ඉකුත් දා සිය නිරීක්ෂණයට ලක්වූ බව ද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

(Neth)