Friday, February 20, 2026
Follow Us
කිරිපිටි, පාන්පිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩි කරයි

බඩු මිල වැඩිකරලා පාරිභෝගිකයා ආරක්ෂා කරන විදිහ ගැනත් ඇමැති කියයි


කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් හා සිමෙන්ති මිල අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයකට මෙම භාණ්ඩවල මිල වැඩි වීමක් සිදුවන බවත් ඒ පිළිබඳ තීරණය මේ සතියේ දී අවසනයේ දැනුම් දෙන බවත් ඔහු පවසයි.

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q-shop අලෙවි සලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා අද(21) මේ බව ප්‍රකාශ කර තිබේ.

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් හා සිමෙන්ති මිල ඉහළ දැමීමේ දී පාරිභෝගිකයා ආරක්‍ෂාකරගැනීම සඳහා අදාල ආනයනික සමාගම්වලට දැඩි කොන්දේසි පැනවූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු ප්‍රකාශ කරයි.

මිල ඉහළ දැමීමෙන් පසුව අඛණ්ඩව වෙළෙඳපොලට සැපයුම් කිරීම, දෛනිකව සැපයුම පාරිභෝගික අධිකාරියට වාර්තා කිරීම, මිල වැඩි කර මාස තුනක් යන තෙක් නැවත මිල වැඩි කිරීමට ඉල්ලීම් කිරීමට නොහැකි වීම සහ අදාල සමාගම්වල විදේශ මව් සමාගම් සමඟ සාකච්ඡා කර ඩොලර් ගෙවීමකින් තොරව මාස හයක් හෝ වසර කාලයක් සැපයුම ලබාගැනීම ආදී පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා වන ගිවිසුමක් අත්සන් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)