Friday, February 20, 2026
Follow Us
ණය පමා සහන කාලය දික් කරයි

ණය සහන ගැන මහබැංකුව ගත් තීරණය


මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට මහබැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 30 වැනිදායින් ඉකුත්වීමට නියමිතව තිබූ එම කාලසීමාව ලබන වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වනු ඇත.

කොරෝනා ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් මුහුණදෙන අභියෝග සැලකිල්ලට ගෙන මෙලෙස ණය පමා සහන කාලය යළි දීර්ඝ කළ බව මහබැංකුව ප්‍රකාශ කරයි.

මීට අදාළ නියෝග මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත පසුගිය සතියේ යවා තිබෙන බව වාර්තා වේ

(Aruna)