Saturday, February 21, 2026
Follow Us
දසදහසේ මල්ල නොලැබුණු අයට පණිවුඩයක්

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්


නිරෝධායනය වෙමින් සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන රුපියල් දසදහසේ බඩු මල්ල නොලැබුණහොත් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්වත් කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද දැනුම් දෙයි.

පසුගිය අගෝස්තු 23 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය මගින් ලැබූ තීන්දුවකට අනුව, නිරෝධායනයට ලක් කළ සියලු පවුල් වෙනුවෙන් ලබාදුන් රුපියල් දසදහසක් වටිනා බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් ලබාදීමට තීරණය කෙරිණි.

(Aruna)