Saturday, February 21, 2026
Follow Us
රට අරියි ?

අද ලැබෙන තීන්දුව


ලබන 21 වැනිදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීයි.

ලබන 21 වනදායින් පසු රට විවෘත කරන්නේ නම් පැණවිය යුතු සීමා සම්බන්ධයෙන් සෟඛ්‍ය අංශ විසින් සකස් කෙරුණු නිර්දේශ මාලාවක්ද අද සාකච්ඡාව සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සම්බන්දයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායට දන්වා තිබුණා.

එමෙන්ම පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කරන නිර්දේශ මාලාවක්ද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා.

රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වනදායි.

(Aruna)