Saturday, February 21, 2026
Follow Us
කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා හෙට රැස්වෙයි

21 රට විවෘත කරනවාද තීරණය හෙට


ලබන 21 වැනිදා නිරෝධායනය ඇදිරි නීතිය ඉවත් කරනවද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (17) ගැනීමට නියමිතයි.

ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ගැනීමට නියමිතව තිබේ.

මෙම රැස්වීමට රට විවෘත කරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සකස් කෙරුණු නිර්දේශ මාලාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර දැඩි නීති සහ සීමාවන් යටතේ රට විවෘත කිරීමේ හැකියාව ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

(Aruna)