එන්නත්කරණය පිළිබඳව පත්කර ඇති විශේෂ තාක්ෂණික කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ පාසල් සිසුන්ට එන්නත්කරණය සිදු කිරීම හා පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවේ විශේෂ අවධානය යොමුවනු ඇති බවයි.
පාසල් සිසුන්ට එන්නත් ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව අද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ පිළිබඳව තීන්දු කිහිපයක් ගැනීමටද නියමිත වේ. එන්නත්කරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාද එහිදී සලකා බැලෙනු ඇති බවයි අන්වර් හම්දානි මහතා පවසන්නේ.
ළමුන් 200 ට අඩු පාසල් පළමුව ආරම්භ කිරීම කෙරෙහි අධ්‍යාපන හා සෞඛ්‍ය බළධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර ඒ අනුව ඉදිරි සති දෙකක කාලය තුළදී එම පාසල් ආරම්භ කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ.
(LNW)