ඇසුරුම් කරන ලද පොල්තෙල් පමණක් වෙළදපොලේ විකිණීම සඳහා අවසර ලබාදීමට අදාළ වන පරිදි නීති රීති සංශෝධනය වෙමින් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි අධ්‍යක්ෂ සැකසුම් සංවර්ධන ටී එදිරිමාන්න පැවසුවේ ගුණාත්මක පොල් තෙල් පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් එම සංශෝධන සිදු කරන බවයි.
පොල් සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වාදී ඇති තරු 05 කින් යුත් ලාංඡනය සහිත ඇසුරුම් කළ පොල්තෙල් මිලදී ගැනීමෙන් ගුණාත්මක පොල්තෙල් පරිභෝජනය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගත හැකි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
මෙරට වෙළදපොලේ ඇති පොල්තෙල්වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ඉකුත් සමයේ රට තුළ දැඩි කතාබහක් මතු වුණා.
ඒ අනුවයි ගුණාත්මක තත්ත්වයෙන් යුත් පොල්තෙල් හදුනා ගැනීම සදහා තරු 05 කින් යුත් ලාංඡනයක්ද හදුන්වා දෙනු ලැබුවේ.
(Neth)