Saturday, February 21, 2026
Follow Us
වාහන අමතර කොටස් මිල ඉහළ යාමේ අවදානමක්

වාහන අමතර කොටස් ආනයනය කිරීමට සීමා පනවා නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී කොන්දේසි පනවා ඇති භාණ්ඩ ලැයිස්තුවට ද වාහන අමතර කොටස් අයත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙරට වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වුවා.

කෙසේවෙතත් පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද දිගින් දිගටම පවසන්නේ වෙළදපොලේ වාහන අමතර කොටස් මිල ඉහළ අගයක පවතින බවයි.

(Neth)