Saturday, February 21, 2026
Follow Us
වරිපනම් ගෙවීමේ දී අය කළ සේවා ගාස්තු ඉවතට

කොළඹ මහ නගර සභාවෙන් සහනයක්


මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමේ දී කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබේ.

බදු ගෙවීමේ දී වරිපනම් බදු පමණක් ගෙවීම ප්‍රමාණවත් බවත් මීට පෙර අය කළ සේවා ගාස්තුව මහනගර සභාව විසින් ගෙවනු ලබන බවත් නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණී දිසානායක සදහන් කරයි.

කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමට කොළඹ මහනගර සභාව විසින් ඉඩ සලසා දී තිබේ

(Aruna)