Saturday, February 21, 2026
Follow Us
කබ්රාල්ගේ පත්වීම් ලිපිය ජනපති අතින්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇත.

කබ්රාල් මහතා පෙරේදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඉන්පසු ඔහු මහ බැංකු අධිපති තනතුරට පත් කෙරිණි.

කබ්රාල් මහතා මෙම ධුරයට පත්වන්නේ දෙවැනි වතාවටයි. ඔහු මීට පෙර 2015 ජනවාරි 08 වැනිදා දක්වා වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේය.

(LNW)