ලබන සඳුදායින් පසුව තවදුරටත් රට වසා තැබීමක් සිදු කෙරෙනු ඇතැයි තමන් නොසිතන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
"සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවෙනවා, මරණ අඩුවෙනවා, ඒ නිසා ඉදිරියේදී මං හිතන්නෙ නෑ ලබන සඳුදායින් පස්සෙ රට වහයි කියලා. රට විවෘත කරලා අලුත් ජීවන රටාවකට මේ කොවිඩ් එක්ක එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි"
කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)