ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට ඊයේ තිරණය කළා.
ඒ සම්බන්ධයෙන් සිය යුටියුබ් නාලිකාව හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේ එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට සුදානමින් සිටිය බවත් ඊට අවස්ථාවක් හිමි නොවූ බවයි.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ විසින් ලසිත් මාලිංග ක්‍රිකට් දිවියට විශ්‍රාම දීම සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.
එම සටහන ...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පුරා 17 වසරක් නියෝජනය කරමින් මාතෘභූමියට ජයග්‍රහණ රැසක් ලබාදීමට පෙරමුණ ගත් සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගට සුබ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමි. සිංහ කොඩිය ක්‍රිකට් ලෝකයේ ඉහළින් ම ඔසවා තැබීමට ලසිත් මාලිංගගේ අසමසම දක්ෂතා විශාල දායකත්වයක් ලබා දුන් බව සිහිපත් කරන්නේ අභිමානයෙනි. ඔබේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි ද පතමි
(Neth)