Saturday, February 21, 2026
Follow Us
මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස කබ්රාල් අද වැඩ අරඹයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් අද එම ධූරයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ ඉකුත් 13 වනදායි.

එම ධූරයට පත් කිරීමට ප්‍රථම ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් එදිනම ඉල්ලා අස්වුණා.

වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකු අධිපති ධූරය දරා තිබෙනවා.

(Neth)