Saturday, February 21, 2026
Follow Us
රට විවෘත කිරීම ගැන යුද හමුදාපති කතා කරයි

යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ අවසන් තීන්දුව ලබන සිකුරාදා ගැනීමට නියමිත බවයි.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,475 දෙනාගෙන් වැඩිම පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)