වසර 2030 වන විට මෙරට සමස්ථ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුලින් සපුරා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ බව කියා සිටියා.
මේ අතර මෙම මාසය අවසාන වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාව තවදුරටත් අඩුවනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
ඒ, මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයට අද විදේශ අමාත්‍යවරයා පිලිතුරු ලබාදෙනු ඇති බවද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.
(Neth)