Thursday, April 23, 2026
Follow Us
කිසිම කොවිඩ් එන්නතකින් ලිංගික ශකතිය දුර්වල වන්නේ නැහැ- මහාචාර්ය චන්න ජයසුමන

ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ කොවිඩ් වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් මගින් ලිංගික ශක්තිය දුර්වල වන බවට මෙතෙක් කිසිදු පර්යේෂණයකින් තහවුරුවී නැති බවයි.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙවැනි මිථ්‍යාමත ප‍්‍රචාරය වීම නිසා ඇතැම් තරුණ තරුණියන් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට බියක් දක්වන බවට වාර්තා වන බව චන්න ජයසුමන මහතා පවසා සිටියේය.

එනිසා වැරදි මිත්‍යා මත විශ්වාස නොකර කොවිඩ් එන්නත් ලබාගැනීමට තරුණ පිරිස් යොමුවන ලෙස ඉල්ලා සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා පවසා සිටියේය.

(Lanka Leads)