වෙළෙඳ ඇමැති රූපවාහිනියට ඇවිත් තවත් අලුත් බද්දක් ගහයි
මාසිකව රු. 100,000කට වැඩි ආදායමක් උපයන සියලු දෙනාගෙන් සියයට 5ක් බද්දක් අය කළ යුතු බව ඇමැති බන්දුල ගුණවර්ධන පවසනවා.
‘‘සමාජ සංරක්ෂණ දායක මුදල‘‘ යනුවෙන් මීට නමක් දෙන වෙළෙඳ ඇමැතිවරයා පවසන්නේ කොරෝනා ව්‍යසනය හමුවේ අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි පොදු පහසුකම් සැපයීම සඳහා මෙම බදු මුදල් යොදවා ගත යුතු බවයි.
ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලු දෙනාට මෙම බදු පැනවිය යුතු බව හෙතෙම වැඩි දුරටත් කියනවා.
ඇමැතිවරයා මේ අදහස් දැක්වූයේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.
(Aruna)