Saturday, February 21, 2026
Follow Us
කොරෝනා ආසාදනයවී මියගිය, එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රජයෙන් රුපියල් 5,000 ක්

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යංශයේ ආදාහනාගාර සඳහා වැයවන මුදල් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන තිබෙනවා.

එම රාජ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමලෝචනය පිළිබඳ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුනා.

ඒ අනුව ඉකුත් අගෝස්තු 31 වනදා දක්වා සිදුකළ කොරෝනා මරණ 2,417 ක් සඳහා එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රුපියල් 5,000 බැගින් ප්‍රථම අදියරේදී රුපියල් එක් කෝටි විසිලක්ෂ 85,000 ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය පැවසුවේ.

පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල ලබාදී තිබෙනවා.

(Neth)