Saturday, February 21, 2026
Follow Us
ඇඳුම් ප්‍රශ්නයට උත්තර දෙන්න සළුසලත් සවිබල ගන්වයි

“සළුසල” රෙදි පිළි අලෙවිසැල් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

දේශීය රෙදිපිළි නිෂ්පාදන එම මධ්‍යස්ථාන හරහා සහනදායී මිලට ලබාදීමට හැකියාව පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නිමි ඇඳුම් ආනයනය සීමා කිරීමට රජය ඉකුත් දා තීරණය කළා. බැංකොක්, හොංකොං වැනි රටවලින් රෙදිපිළි ආනයනකරුවන් විශාල තොග දිවයිනට ගෙන ඒමෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිටතට යන බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ.

ප්‍රමිතියෙන් යුත් නිමි ඇඳුම් නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදකයින් මෙරට තුළ සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

(Neth)