Saturday, February 21, 2026
Follow Us
රට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

මුදල් ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්


රැකියා වල නියුක්ත වීම සඳහා විදෙස් ගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අරලිය ගහ මන්දිරයේදී එක්වෙමින්.

විදේශ රැකියා වෙළඳපොල තුල ශ්‍රී ලාංකිකයන් හට මේ වන විට වැඩි ඉල්ලුමක් ලැබී ඇති බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම් ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිස හට ගුවන් යානා ආසන පහසුකම් හිඟ වීම පිළිබඳව පවතින ගැටලු කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

(Aruna)