පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කෙරුණා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත්තේ දසුන් ශානකයි.
උප නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරන අතර කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ සහ චරිත් අසලංක ද එම සංචිතයට ඇතුළත්.
ඊට අමතරව වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ලහිරු මදුසංක, මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින්.
ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය සහ පුලින තරංග අතිරේක ක්‍රිඩකයින් ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව මේවනවිට මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 16 ම සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්.
(Neth)