යට ඇඳුම් හිඟයක් රට තුළ ඇති නොවන බවට වගකීම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් තමන් බාරගන්නා බව බන්ධුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
"ඕනෙම කෙනෙකුට රෙදිපිළි ඇඟළුම් වල යට ඇඳුම් අවශ්‍යතාවයක් තියෙන කවුරු හරි ඉන්නවා නම් මං වෙළඳ ඇමතිවරයා වශයෙන් වගකීම බාරගන්නවා ඉල්ලන ඕනෙ ප්‍රමාණයක් සපයන්න. අතිරික්ත තොග විශාල ප්‍රමාණයක් මෙතුමන්ලා ළඟ මේ වෙලාවෙත් තියෙනවා. ඒ නිසා ලංකාවෙ කිසිම ඇඟළුම් - අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ තියෙන අපවාදය මේ තියෙන වැරදි සහගත ප්‍රචාරය නිසා අවශ්‍ය වෙන රෙදිපිළි ඇඟළුම් කාටහරි ඕනෙ නම් පවතින මිලටත් වඩා අඩු මිලට සැපයීමට සතොස හා රාජ්‍ය ආයතන හරහා සැපයීමට අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න"
අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දිනයේදී ඇඟළුම් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු සමග පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)