Saturday, February 21, 2026
Follow Us
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදුරළ මීටර් 02 ත් 02 යි දශම 5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

වඩදිය සමග මෙම තත්ත්වය ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනාවැකි මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.

මෙය අනතුරුදායක තත්ත්වයක් නොවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)