නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග ජල බිල්පත් ගෙවීම සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් අඩුවීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග පවසනවා.
හඳුන්වා දී ඇති ක්‍රමවේද යටතේ ජල බිල්පත් ගෙවීම් සිදුකර ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සහාය ලබාදෙන ලෙසයි සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළේ.
ඒ අනුව ඉදිරියේදී ජල කප්පාදුවක් සිදු කරන්නේ දැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.
ජල සැපයුම අත්හිටුවන බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
(Neth)