Saturday, February 21, 2026
Follow Us
ඇදිරිනීතිය දැඩි වෙයි – එළියට බැස්සොත් වෙන දේ

රථ වාහන 40ක් පොලිසිය ගනී


නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන 40ක් සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 69,288 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)