Saturday, February 21, 2026
Follow Us
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයේ වැඩ බාරගැනීම ලබන බදාදා ...

වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන බදාදා (15) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා වශයෙන් වැඩ බාරගැනීමට නියමිත බව වාර්තා වේ.

ඊට පෙර ඒ මහතා දැනට දරණ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව සඳහන්.

වත්මන් මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සැප්තැම්බර් 14 වනදා සිට විශ්‍රාම යන බව ඊයේ (10) නිවේදනය කළේය. ඒ අනුව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා එම තනතුර බාරගැනීමට නියමිතය.

අජිත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර 2006 වසරේ ජුලි මාසයේ සිට 2015 ජනවාරි 09 වනදා දක්වා මහබැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

(LNW)