මෙරට රෝහල් පද්ධතිය තුළ ඔක්සිජන් භාවිතය සැලකිය යුතු මට්ටමින් අඩුවී තිබෙනවා. ඉකුත් සමයේ මෙරට දෛනික ඔක්සිජන් භාවිතය ටොන් 140 ක් තරම් ඉහළ ගියා. එහෙත් මේ වනවිට එය ටොන් 60 ත් 80 ත් අතර මට්ටමකට අඩු වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ එන්නත්කරණය හා නිසි කළමණාකරණය හේතුවෙන් බොහෝ දුරට කොරෝනා වෛරසය පාලනය කරමින් ඇති බවයි.
දෙවන මාත්‍රාව සදහා මහනුවර දිස්ත්‍රික්කයට අවශ්‍ය ස්පුට්නික් එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.
(Neth)