Saturday, February 21, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයට ජනපතිව පැටළීමට හදන බොරු මතවලට රැවටෙන්න එපා - ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වත්මන් ජනාධිපතිවරයාව බලයට ගෙන ඒම සඳහා සිදුකෙරුණු කුමන්ත්‍රණයක් බවට මතයක් ගොඩනැඟීමට ඇතැමුන් උත්සාහ දරන බවත් එවැනි බොරු මතවලට නොරැවටෙන ලෙස තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

"තවත් පිරිසක් මේ අවස්ථාවේදී මතයක් ගොඩනගන්න හදනවා ජනාධිපතිතුමා තමයි ඒ කාලේ මේක මේ බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියලා හිටං මේ ජනාධිපතිතුමාව ඇදලා ගන්න හදනවා මේකට. ඉතිං මම ආරක්ෂක ලේකම්වරයා විදියට ඉතාමත්ම වගකීමෙන් කියනවා අපේ පොලිසිය, සීඅයිඩී එක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සෑහෙනදුරට පවත්වලා තියෙනවා, තවදුරටත් කරගෙනත් යනවා, උසාවියෙ දැනට නඩු දාලාත් තියෙනවා, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකුත් පත්කරලාත් තියෙනවා, ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ මේ බොරු මතිමතාන්තර වලට රැවටෙන්න එපා"

"මට ඇත්තටම කණගාටුයි කාදිනල්තුමා නොයෙක් වර විවිධ දේවල් ප්‍රකාශ කරලා තිබෙනවා, ඒක උන්වහන්සේගේ මතය. ඉතිං උන්වහන්සේගේ මතය සමහර වෙලාවට හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. මං මේ උන්වහන්සෙගෙ මතය ගැන විවේචනය කරනවා නෙවෙයි. ඉතිං ඒක කාදිනල් උන්නාන්සෙටත් පුළුවන්, මටත් පුළුවන්, මෙතුමාටත් පුළුවන්, අගමැතිවරයාටත් පුළුවන්, ජනාධිපතිවරයාටත් පුළුවන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. නමුත් මම හිතනවා තමන්ගේ මතය ඉදිරිපත් කරන ඕනෙම කෙනෙක් ඇත්තටම කරුණු හොයලා බලලා ඉදිරිපත් කළා නම් ඒක ඊට වැඩිය වටිනා දෙයක් වෙයි කියලා.

මරාගෙන මැරෙන බෝම්බකාරයො ඇවිල්ලා බෝම්බ පුපුරුවාගෙන මියගියා. ඊළඟට මේක සැලසුම් කරපු මිනිස්සු හොයාගන්න විශාල පරිශ්‍රමයක් පොලිසියට දරන්න සිද්ධ වුණා. ඒවගේම අපි ඒ සම්බන්ධ අයවලුන් සිය ගාණක් අත් අඩංගුවට අරගෙන දැනටත් පරීක්ෂණ යනවා, දැනට උසාවිවල නඩුත් දාලා තියෙනවා. නමුත් උසාවියෙදි යම්කිසි කෙනෙක් මෙවැනි වැරැද්දක් කළා කියන එක ඔප්පු කරන්න පොලිසියට දරන්න තියෙන පරිශ්‍රමය මෙතෙකැයි කියා නිම කළ නොහැකියි. එක පොයින්ට් එකක් වැරදුණා නම් ඒ පොයින්ට් එක උඩ සම්පූර්ණ කේස් එක අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. එහෙම අර මියගිය මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න නම් පොලිසිය පැත්තෙන් ඉදිරිපත් කරන හැම කේස් එකක්ම සොලිඩ් කේස් එකක් වෙන්න ඕනෙ, ඒකට අවශ්‍ය සියලුම දේවල් හොයාගෙන ඕනෙ උසාවියට ඉදිරිපත් කරන්න.

කාදිනල්තුමා ඒ ප්‍රකාශය කළාට පස්සෙ බුද්ධි අංශවල නිලධාරීන් සහ පොලිසියෙ නිලධාරීන් ගිහිල්ලා ඒ කතෝලික බිෂොප්තුමන්ලාගෙ එකතුවට මං හිතන්නෙ පැය හතරක විතර කරුණු පැහැදිලි කිරීමක් කළා, අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියෙ නෑ. නමුත් අනිත් බිෂොප්තුමන්ලා හිටියා. ඒ අය බොහොම සෑහීමකට පත්වුණා මම දන්න තරමින් ඒ ගැන. ඊට පස්සෙ දැනට සති දෙක්කට ඉස්සරවෙලා අරලියගහ මන්දිරයේදී නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සංඝරත්නයටත් මේකෙ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් පොලිසිය ඉදිරිපත් කළා, උන්වහන්සෙලාත් ඉතාමත්ම සෑහීමකට පත්වුණා"

කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (09) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)