ලබන සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වන මහා මණ්ඩල සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජයපක්ෂ මහතා සහභාගි වන බව වාර්තා වේ. මෙම සැසිවාරය ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී පැවැත්වීමට නියමිතය.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතන පළමු අවස්ථාව වන අතර එසේම විදේශ සමුළුවකට සහභාගි වන පළමු අවස්ථාවද වේ.
රටේ පවත්නා තත්වය සැළකිල්ලට ගනිමින් අවම පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගි වීමට නියමිතය. ඒ අනුව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා, විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වීමට නියමිතය.
ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියද ජනාධිපතිවරයා සමග එක්වීමට නියමිත අතර ඒ සඳහා සියලු වියදම් පෞද්ගලිකව දරන බවයි වාර්තා වන්නේ.
(LNW)