රටපුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අද දිනයේදී ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 13 වැනිදා අළුයම දක්වා බලපැවැත්වේ.
ඇඳිරි නීතිය ඉවත් කළද සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
කොවිඩ් මර්දන කමිටු රැස්වීම හෙට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න තීරණය කරනු ඇත.
කෙසේ නමුත් බොහෝදෙනා පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද සාමාන්‍ය කටයුතු වෙනදා පරිදි ක්‍රියාත්මක වන බවයි.
(LNW)