ලබන සඳුදා රට විවෘත කෙරෙන්නේ නම් එදින සිට රටේ සාමාන්‍ය සමාජ ආර්ථික කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදුකෙරෙන ආකාරය පිළිබඳ සැලසුම් මේ වනවිටත් සකස් කර ප්‍රසිද්ධියට පත්කර තිබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි.
"රට ලබන සඳුදා විවෘත කරනවා නම් එදින සිට රටේ සමාජ ආර්ථික කටයුතු කරගෙන යෑමේදී කළයුතු ආකාරය පිළිබඳව ඒ ඒ අංශවල බලධාරීන් විසින් මේ වෙනකොට සැලසුම් කරලා ඒවා ප්‍රසිද්ධියට පත්කරලා තියෙනවා නම් මං හිතනවා රට ඇරීමට සුදුසු තත්වයක් තියෙනවා කියලා සෑහීමකට පත්වෙන්න පුළුවන්. එසේ නොවුණොත් එසේ නොවී රට විවෘත කිරීමෙනුත් ගැටළු සහගත තත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම රට විවෘත කිරීමට ගන්නා තීරණවලටත් ඒක බලපානවා. ඒ නිසා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා කොයි මොහොතේ හෝ රට විවෘත කළොත් රටේ ඒ එදිනෙදා කරගෙන යන සමාජ ආර්ථික කටයුතු රෝගය බෝවීමට තුඩු නොදෙන ආකාරයෙන් කිරීමට අවශ්‍ය සැලසුම් ඒ ඒ අංශ විසින් බාර අරගෙන කළ යුතුයි"
වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)