සෞඛ්‍ය සේවාවේ හා වෙනත් අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වුවහොත් රෝග ලක්ෂ නොමැති නම් ඔවුන්ගේ නිරෝධායන කාලය දින 10 කට සීමා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම චක්‍රලේඛය ඊයේ (07) දිනයේදී නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛයට අනුව සෞඛ්‍ය හෝ වෙනත් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවල නිරත පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී දින 10 කට පසු රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් කොවිඩ් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වන්නේ නම් නිරෝධායනයෙන් නිදහස් කෙරෙනු ඇත.
සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවවල නිරත පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් ආසාදිතයෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගතහොත් දින තුනේදී, දින හතේදී සහ දින 10 දී කොවිඩ් පරීක්ෂණ සිදු කරමින් අඛණ්ඩව සේවය කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවල නිතර, පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනා ගතහොත් දින 10 කට පසුව සිදු කරන පරීක්ෂණයෙන් පසුව ඔවුන්ට නිරෝධායනයෙන් නිදහස් වීමේ අවස්ථාව හිමි වේ.
අනෙකුත් සියලු පුද්ගලයන් දින 14 කට නිරෝධායන කාලසීමාවකින් පසුව සාමාන්‍ය සමාජයට යොමු කරන ලෙසයි අදාල චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබෙන්නේ.
මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් මේ වනවිටත් සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෘත්තීය සමිතිවලින් විරෝධය එල්ල වී ඇති අතර ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා තිබුණේ නව චක්‍රලේඛය හරහා කොවිඩ් පරීක්ෂණ හැකිතරම් සීමා කිරීමට උත්සාහ ගන්නා බවයි. මෙම තත්වය හරහා වසංගතයේ පැතිරීම සම්බන්ධයෙන් නිවැරදි උපකල්පනවලට එළඹීට නොහැකි වන බවත්, එය වසංගත මර්දනයට අහිතකර ලෙස බලපානු ඇති බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දී තිබිණි.
(LNW)